නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
විද්‍යාර්ථ ජාතික පාසල
දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන උතුරුමැද පළාතේ ඇති දීප්තිමත් පාසලක් වන අප පාසල 2022.03.08 දින සිට ජාතික පාසලක් බවට පත්විය. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. එසේම වර්තමානය වන විට ඇතුළත්වීම සඳහා ශිෂ්‍ය සංඛ්‍යා අයදුම් කිරීම් වේගයෙන් වැඩිවෙමින් පවතී. ඒ අනුව නියමිත පෝෂක පාසල් කලාපයට අමතරව දුරබැහැර ප්‍රදේශවලින් ද සිසුන් පාසලට අයදුම් කරමින් හා පාසලට ප්‍රවේශ වෙමින් පවතී. එසේම පාසලේ කීර්තිනාමය දියුණු කිරීම සඳහා පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය ද පාසල් ප්‍රජාව ද මහඟු මෙහෙවරක් ඉටුකරනු ලබයි. ඒ අනුව පාසලේ ශිෂ්‍ය සාධනය ඉහළ යමින් පවතී. මේ අනුව අනාගතයේ දී තිබෙන ශක්‍යතා දියුණු කර ගනිමින් පාසල ජයග්‍රාහී මාවතකට ගෙන යාමට ශක්තිය ධෛර්යය හැම දෙනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති
කමලා ප්‍රේමදාස
විද්‍යාර්ථ ජාතික පාසල