අ / විද්‍යාර්ථ ජාතික පාසල උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් බැඳි දනව්ව හෙවත් රජරට ප්‍රදේශයේ දකුණු කලා ගම් කෝරලයේ අංක 637 ග්‍රාම නිලධාරී වසමේ තිබ්බටුවැව අසල ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී ග්‍රාම සමිති ලේකම් ඊ.එම් ඒකනායක මහතා" මැම්බර් ඊ.එම්. ටිකිරි බණ්ඩා හා වෙල් විදානෙ මුතු බණ්ඩා ඇතුළු ප්‍රභූන් විසින් මෙන්ම" 1948 ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබ මිෂනාරී පාසල් වෙනුවට නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වෙමින් නගරබද පාසල් බිහි වීමේ දී 1957 යෝජිත පාසලක් ලෙස දරුවන් 20 දෙනෙකුගෙන් යුතුව එස්.කේ. රංබණ්ඩා ඒකනායක මුල් ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව 1957 පෙබරවාරි මස 15 දින ‘ තිබ්බටුවැව යෝජිත පාසල’ නමින් ආරම්භ කෙරුණි. ඉන් අනතුරුව දිනෙන් දින වැඩි වූ ජනප්‍රියත්වය හා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීම මත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ කලා සහ වාණිජ විෂය ධාරාවන් දක්වා වර්ධනය වී අ/තිබ්බටුවැව මහා විද්‍යාලය වශයෙන් ප්‍රදේශය පුරා කිර්තිමත් මිශ්‍ර පාසලක් ලෙස ප්‍රසිද්ධ විය.