මූලික හැඳින්වීම හා පාසලේ ඉතිහාසය පසුබිම
අ / විද්‍යාර් ථ ජාතික පාසල උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් බැඳි දනව්ව හෙවත් රජරට ප්‍රදේශයේ දකුණු කලා ගම් කෝරලයේ අංක 637 ග්‍රාම නිලධාරී වසමේ තිබ්බටුවැව අසල ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී ග්‍රාම සමිති ලේකම් ඊ.එම් ඒකනායක මහතා" මැම්බර් ඊ.එම්. ටිකිරි බණ්ඩා හා වෙල් විදානෙ මුතු බණ්ඩා ඇතුළු ප්‍රභූන් විසින් මෙන්ම" 1948 ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබ මිෂනාරී පාසල් වෙනුවට නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වෙමින් නගරබද පාසල් බිහි වීමේ දී 1957 යෝජිත පාසලක් ලෙස දරුවන් 20 දෙනෙකුගෙන් යුතුව එස්.කේ. රංබණ්ඩා ඒකනායක මුල් ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව 1957 පෙබරවාරි මස 15 දින ‘ තිබ්බටුවැව යෝජිත පාසල’ නමින් ආරම්භ කෙරුණි. ඉන් නතුරුව දිනෙන් දින වැඩි වූ ජනප්‍රියත්වය හා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීම මත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ කලා සහ වාණිජ විෂය ධාරාවන් දක්වා වර්ධනය වී අ/තිබ්බටුවැව මහා විද්‍යාලය වශයෙන් ප්‍රදේශය පුරා කිර්තිමත් මිශ්‍ර පාසලක් ලෙස ප්‍රසිද්ධ විය.
2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ද්විතයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටකේ උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කලාපයේ කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාසල 6-13 දක්වා ශ්‍රේණි ඇති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා හා ගණිත අංශ ද ඇතුළත් 1AB වර්ගයට අයත් ද්වතියික අංශයේ සිංහල දෙමළ හා මුස්ලිම් යන ත්‍රිවිධ ජාතීන්ගේ ම දරුවන් සහජීවනයෙන් හා සහෝදරත්වයෙන් යුතුව ඉගෙනුම ලබන ආගමික සංහිඳියාව මැනවින් ගොඩනැගී ඇති සංවර්ධනයවන මිශ්‍ර පාසලක් ලෙස ‘විද්‍යාර්ථ ජාතික පාසල’ නමින් පුනර්ජිවනය ලබා ඇත.
පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඉගෙනුමට මෙන්ම විවිධ හැකයවන් සහ දක්ෂතාවන්ගෙන් පිරිපුන් අය වෙති. නිපුණතා පාදක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර නිපුණයන් බිහකිරීම පාසලේ අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වගකීම හා වගවීම ද වන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්වන සංඛ්‍යාව ඉහළ මට්ටමකට ගැනීමටත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හා අධයාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමේ හැකියාව ඇති සංඛ්‍යාව ඉහල මට්ටමකට ගැනීමත් අපගේ මුඛ්‍ය පරමාර්ථයයි. විද්‍යාලයේ දැක්ම හා මෙහෙවර ප්‍රකාශය පදනම්කර ගනිමින් දැනුම, කුසලතා, ආකල්ප මෙන්ම යහජීවන පුරුදුවලින් හෙබි අනාගත අභියෝග ජය ගත හැකි පෞරුෂවත් පුද්ගලයන් හා යහ සමාජයක් ගොඩනැගීම අපගේ ඒකායන බලාපොරොත්තුව වේ
|
ආරම්භ කළ වර්ෂය |
1957 ෙපබරවාරි 15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
|
මුල් ගුරුතුමාගේ නම |
එස්.කේ. රංබණ්ඩා ඒකනායක |
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
විද්‍යාර් ථ ජාතික පාසල, කැකිරාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
තිබ්බටුවැව අසල ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|